චරිත් අබේසිංහගේ හා රඛිත රාජපක්ෂගේ සිද්ධිය හරහා අපිට ලාංකීය දේශපාලන ලෝකයේ යටි-බඩ පිළිබඳව විප්ලවීය අදහසක් පැමිනෙයි.
මීට දශකයකට පමණ පෙර දේශපාලන ලෝකය හා සිවිල් සමාජය හොදින් දැන සිටි “ඩීල්” පිළිබඳව වන කතාන්දරය මේ යුගයේදී ජහමනකරණය වෙයි. කොළඹ තරු පංතියේ හෝටල් වල ලොබි තුළ සාමාන්‍යකරණය වී තිබූ “අතිරික්තය” පාරවල් දිගේ ගමන් කොට ඇඹිලිපිටියේ හේන් ගොවියෙකුගේ ජංගම දුරකථනයකින් මතුපිටට ගලා යයි. සිදුවෙන දේ පිළිබඳව සජිත් ප්‍රේමදාසගේ ඔලුව කොලොප්පම් වන නමුත් ලක්ෂ්මන් ෆොන්සේකා හා ජලනි ප්‍රේමදාස විසින් ඇතිදැඩි කරනු ලැබූ සජිත්ගේ බත්බැලයන්ගේ රෙදි මාලිමාව විසින් ගලවා දමයි. ලකුණු ලබාගන්නා විට ඊට උරුමකම් කීමට හැකිවීම අනුර ප්‍රමුඛ ජ.වි.පෙ.දක්ෂකමකි. ඊට ඊර්ශ්‍යා කොට පලක් නැත.
2015 යහපාලන ආණ්ඩුව බිද වැටුනේ මෛත්‍රි හා රනිල් අතර ගැටුමකින් බව පැවසීම අර්ධ-සත්‍යයකි. සජිත් ප්‍රමුඛ එ.ජා.ප.යේ ග්‍රාමීය ස්ථරය මෛත්‍රිපාල හා තිබූ සංකීර්ණ සංස්කෘතික බැඳීම රනිල් දැන සිටි අතර ඊට එරෙහිව රනිල් ප්‍රමුඛ එ.ජා.ප. කොම්පදෝරු පංතිය තෝරාගත් උපක්‍රමය වූවේ හැකිතාක් හොරකම් කිරීමට අවස්ථාව මේ ග්‍රාමීය නඩය වෙත ලබාදීමයි..මේ උපක්‍රමය හරහා මෛත්‍රි පිල තුළ සිටි ගැමියන් විශාල සල්ලිකාරයන් බවට පත්වූ අතර ශිරාල් ලක්තිලක වැනි කෙනෙකු රනිල් සමඟ ගැටුමකට යන්නේත් මෛත්‍රිපාල වෙත සිය විරෝධය පල කරන්නේත් මෙහිදීය.
උදය ගම්මන්පිල, චම්පික රණවකගේ ඇඟේ වැරදීමකින් හැපුනු නිසා දේශපාලනයට පිවිසෙන අතර ඈත මිද්දෙනියේ උපන් විජයදාස රාජපක්ෂ වැරදීමකින් හැපෙන්නේ මංගල සමරවීරගේ ඇඟේය. ආණ්ඩුක්‍රම හා නීතිය පිළිබ විශාරදයෙකු වන විජයදාස රාජපක්ෂයේ ජීවිතයේ සත්‍ය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය තුළ නොව ගැමියෙකු සේ ඉපිද කොළඹ දේශපාලනය තුළ විශාල සල්ලිකාරයෙකු වී පැමිණි ගමන තුළය. දීප්ති කැළණි සරසවියේ පෙරේදා තිබූ දේශනයේදී නිවැරදිව ලකුණු කලා සේ තවදුරටත් මිනිසුන් දේශපාලනය වෙත ඇදී එන්නේ එය සිය ආශාව(diseir) නිසා නොවේ. මිනිසුන්ගේ ආශාව ධනවාදය විසින් නිපදවන්නේ අර්ථයකට නොව විනෝදයකට බව මෙහි ගැඹුරු අදහසයි. වෙනත් වචන වලින් කිවහොත් මිනිසුන් මේ යුගයේදී දේශපාලනයට ඇදී එන්නේ ඉක්මනින් විශාල සල්ලිකාරයෙකු වීමට ආශාකරන නිසාය. මෙය ජේ.ආර්.ගේ හෝ විජේවීරගේ යුගය නොවේ.
DIG වාස් ගුණවර්ධන හෝ විජයදාස රාජපක්ෂ වැනි පියවරු සිය දරුවන්ට ජීවිතයේ අර්ථයක් පෙන්වා නොදෙන අතර පෙන්වා දෙන්නේ විනෝදය පමණි. විනෝදය ඉව-වහා ගිය විට සිදුවන මෙවැනි අනතුරු සඳහා හඩා පලක් නැත. සංකේත පියාගේ භූමිකාව අසමත් මෙවැනි යුගයක අනුන්ගේ වතුවල ගෙඩි කැඩීමට දරුවන් යොමු කරන්නේ ඒ පවුල් තුළින්මය. මෙවැනි යුගයක ජ.වි.පෙ.වැනි සංවිධිත දේශපාලන ව්‍යාපාරයක් හා ගැටිය හැක්කේ ඊට වඩා සදාචාරවාදී වන කණ්ඩායමකට විනා පුහු-වීරයන් පුම්බාලන මාධ්‍ය මෙහෙයුම් හරහා නොවේ. ලංකාවේ මාධ්‍ය අයිතිකරුවන්ගේ අතීතයද මීට දෙවෙනි නැත. ඒවාද අඹ වාරයට අඹද රඹුටන් වාරයට රඹුටන්ද විකුණන තක්ක්ඩියන්ගේ ගුබ්බෑයන් ය.
මීලග වටයේ ඉදිරියෙන්ම ඉන්නේ වරුණ රාජපක්ෂය. තමා ගැන දන්නා වරුණ නොදන්නේ සිය අනෙකා ගැනය. මී ගුල් මත ජීවත් වෙන විට ඊට කූඹින්ට රිංගීමට හැකි බව වරුණ ඉක්මනින් ඉගෙනගනු ඇත. දේශපාලනය මාධ්‍ය මත බිහිකරන ප්‍රබන්ධයක් බවට පත්වූ යුගයක යථාර්ථයෙන් කිසිදු පලක් නැත.
ජ.වි.පෙ.අත තබා ඇත්තේ “ආශාව” නැමති වැඩබිමටයි. දේශපාලනයට අනුරාගීව ආශාකරන “අපි” මේ අවස්ථාවේදී ඉන්නේ ජ.වි.පෙ. පැත්තේය. මන්ද යත් සිය ආශාව “මුදල්” බව තහවුරු කල නඩයකම රෙදි ඔවුන් විසින් ගලවා දමන බැවිනි. දේශපාලන වැඩකදී රුපියල් ලක්ෂයක් සොයාගත නොහැකි අපි වැනි සංවිධානයකට නදුන් චින්තක නොහොත් හරක් කටා විසින් ලක්ෂ 1200 ක බර මිටියකින් හිසට පහරදී ඇත. ධනවාදය නිපදවන “අතිරික්තය” මුදල් මත ආයෝජනය වී එය මනුෂ්‍ය ආශාවේ කේන්ද්‍රය බවට පත්වීම විජයදාසලා හරහා එලියට ගලා එයි.
ජ.වි.පෙ.පරාජය කිරීමට ප්‍රථම මේ තක්ක්ඩි විපක්ෂය පරාජය කල යුතුය. ඒ සඳහා ජ.වි.පෙ. ගන්නා උත්සාහයට අපි ආශිර්වාද කරන්නෙමු…ආමේන්….!
Deepthi Gunarathna







