Ramindu Lakkhika Perera
ළඟදී දවසක සිරස ‘සටන’ වැඩසටහනට සහභාගි වූ, ජන අරගල ව්‍යාපාරෙය් ලහිරු වීරෙස්කර පසුගය දවසක සම්මත වූ ක්ෂ්ද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත ගැන තම විවේචනය ඉදිරිපත් කලා. ඔහුට අනුව, මෙම පනත, මහා පරිමාණ සමාගම් නිදහස් කොට, එහෙම නොවන ආයතන පමණක් නියාමනය කිරීම සඳහා ගෙන ආ පනතක්.
මේ අදහස, ඒ කියන්නේ, අදාල පනත විසින්, මහා පරිමාණ බැංකු සහ මූල්‍ය සමාගම් නිදහස් කොට ඇති බව, එමගින් නියාමනය වන්නේ එහෙම නොවන ආයතන පමණක් බව, බොහෝ කල් සිට ප්‍රචාරණය කෙරෙමින් තිබෙන අදහසක්. යම් ප්‍රගතිශීලී අදහසක් දරන කව අතරත් මේක තමයි ස්ථාපිත මතය. ගල් අගුරු වංචාව වගේ ජාතික තලයේ මාතෘකාවක් නොවන නිසා, ආණ්ඩුව පාර්ශවයෙනුත්, මේ වැරදි මතය නිවැරදි කරන්න ලොකු මැදිහත්වීමක් සිදු වෙලා නැහැ. ඒ පසුබිම තුල තමයි, වීරසේකර වගේ අයට, මේ අදහස කියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
පසුගිය දා සම්මත වූ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරී පනත විසින් මහා පරිමාණ ආයතන නියාමනයේ නිදහස් කොට තිබේද? මේ ප්‍රශ්නය බේරුම් කරගන්න නම්, අපිට, ඇත්තටම පනත කියවන්න වෙනවා. පනත කියවන්න කලින්, පනතට අදාල පසුබිම බේරුම් කරගන්න සිද්ධ වෙනවා.
ක්ෂ්ද්‍ර මූල්‍ය නමින් ගැමි ස්ත්‍රී කොටස් ඉලක්ක කොට ගනිමින් සිදුවන ව්‍යාපාර නිසා ඇතිව තිබෙන ප්‍රශ්න කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්ව තිබෙන මාතෘකාවක්. පලමු වතාවට මෙම අංශය නියාමනය කිරීම සඳහා උත්සාහයක් ගනු ලැබුවේ 2016 වර්ෂයේ. නමුත් එය ප්‍රමාණවත් නොවන බවට වූ විවාදය බොහෝ කාලයක් තිබුණා. ඊට පස්සේ , 2023 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ, මේ සම්බන්ධව නව නීතියක් ඉදිරිපත් කළා.
එම නීතිය අනුව, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නියුක්ත වන ආයතන ගැන යම් යම් නියාමන ප්‍රතිපාදන ප්‍රකාශ කරනු ලැබුවා. හැබැයි ඒ පනත් කෙටුම්පතේ, 32 වගන්තිය අනුව, මහා පරිමාණ ආයතන – ඒ කියන්නේ වාණිජ බැංකු ඇතුලු ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ යෙදෙන යම් යම් ආයතන නියාමන කටයුත්තෙන් නිදහස් කොට තිබුණා.
2023 පනත් කෙටුම්පතේ 32 වගන්තිය මෙහෙම කියනවා :
32. (1) No person, other than a person licensed to carry on
the microfinance business under this Act or a person
exempted under paragraphs (c), (d), (e), (f) and (g) of
subsection (2) of section 20 shall carry on the microfinance
business.
ෆේස්බුක් සටහනක ලොකු නීති විවරණයක් කරන්න ඉඩ මදි. හැබැයි ඔය සී,ඩී,ඊ ආදී ලෙස සංකේතනය කොට තිබෙන්නේ, මහා පරිමාණ වාණිජ බැංකු ආදී වූ ආයතන. සරලව, රනිල් වික්‍රමසිංහ පනත් කෙටුම්පත යටතේ යෝජනා කොට තිබූ දෙය තමයි, මෙබඳු ආයතන, ක්ෂ්ද්‍ර මූල්‍ය අධිකාරියේ නියාමනයේ නිදහස් විය යුතු බව.
මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින්, විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණය අබියස නඩුකරයක් ගොනු කරනු ලැබුවා. මෙන්න මේ නඩු තීරණයේදී, අධිකරණය නිරීක්ෂණය කරපු දේ තමයි, මේ විධිහට මහා පරිමාණ ආයතන නියාමනයෙන් නිදහස් කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 12 වගන්තිය මගින් සහතික කෙරෙන නීතිය අබියස සමාන රැකවරණය නම් වූ සම්මතයට පටහැණි බව. මුදල් ණයට දීම සම්බන්ධව මෙබඳු ආයතන නිදහස් කිරීම යුක්ති යුක්ත වන නමුත්, ක්ෂුද්‍ර මූල්‍ය නම් වූ නිශ්චිත කාරණාවට අදාලව, එබඳු ආයතන මුක්ත කිරීම නිවැරදි නොවන බව අධිකරණය කියනවා.
ඊට පස්සේ, අධිකරණය කියනවා, මෙන්න මේ විධිහට පනත් කෙටුම්පත සංශෝධනය කලා නම්, ඉහත කී ගැටලුව නිවැරදි කල හැකි බව:
‘The inconsistency will cease if clause 32 (1) of the bill is amended by deleting the words ‘or person exempted under paragraphs (c), (d), (e), (f) and (g) of subsection (2) of section 20’
අපි හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, 32 වගන්තිය මගින් දී තිබූ නිදහස් කිරීම් ඉවත් කරන්නේ නම්, සියලු ආයතන පනත මගින් නියාමනය වන බව තමයි අධිකරණය කියන්නේ.
දැන් අපි බලමු, පසුගිය දා සම්මත වූ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරී පනතේ 32 වගන්තිය –
32. (1) No person, other than a person licenced to carry
on the microfinance business under this Act shall carry on
the microfinance business.
සාමාන්‍ය බුද්ධිය තියෙන ඕනෑම කෙනෙක්ට, මෙම 32 වගන්තියයි, පරණ පනත් කෙටුම්පතේ 32 වගන්තියයි, අධිකරණ තීරණයයි එකට තියලා කියවන්න පුලුවන්. එහෙම කියවන කොට පැහැදිලි වෙනවා, අලුත් පනතේ 32 වගන්තිය යනු, අධිකරණ තීරණය වාච්‍යාර්ථයෙන්, එලෙසම අනුගමනය කල එකක් බව. එනම්, සියලු ආයතන අදාල අධිකාරියේ බලය යටතට ගෙන ඒම සඳහා සකස් කල එකක් බව. සරලව කියනවා නම්, අලුත් පනත අධිකරණය තීරණය අනුගමනය කොට තිබෙනවා ; පූර්ව පනත් කෙටුම්පත මගින්, බැංකු හා මූල්‍ය සමාගම්වලට ලබා දී තිබුණු මුක්තිය, නව පනත මගින් හකුලා ගෙන තිබෙනවා. ඒ අනුව නව පනත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ යෙදෙන ලොකු හෝ කුඩා සියලු ආයතන, ක්ෂ්ද්‍ර මූල්‍ය අධිකාරියේ නියාමනයට යටත්.
මෙබඳු පසුබිමක් යටතේ තමයි, තාමත් ලහිරු වීරසේකර වගේ අය, නව පනත යටතේ මහා පරිමාණ බැංකු අදාල පනතින් නිදහස් වූ බව – කිසිදු ලැජ්ජාවක් නැතිව – ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්නේ. වීරසේකර මෙම පනත හෝ අධිකරණ තීන්දුව හෝ, මීට අදාල කිසිවක් කියවා නැති බව සිතීම අමාරු නැහැ. හැබැයි පසුගිය දවසක, විදෙස් රටක තිබුණු සමුලුවක, මට මුණ ගැසුණු විදේශයක ජීවත් වන ආචාර්යවරියක බොහොම විස්වාසයෙන්, නව පනත මගින් මහා පරිමාණ ආයතන මුක්ත කොට ඇති බව කියනු ඇසුණු විට තමයි මට තේරුණේ, පෞද්ගලික ද්වේශයෙන් පෙලෙන, පෞරුෂ දුබලතා තිබෙන යම් යම් අය විසින් හදන කථන්දරවලට කොච්චර ඈතට තටු ලැබෙනවාද කියන කාරණාව.
කියවා දැනගන්න රිසි කවර හෝ අයෙක් වෙනුවෙන්, 2023 ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත, අධිකරණ තීරණය සහ නව පනත කමෙන්ටුවල අමුණ ඇත.




