Poster-1

ව​මේ සංස්කෘතික දුප්පත්කම හා බඹරු ඇවි​ත්

වමේ සංස්කෘතික දුප්පත්කම රහසක් නෙවෙයි. මේක ජයගන්න උත්සාහ කලේ සුචරිත [මහා. ගම්ලත්] හා පියසීලි [ මහා. විජේගුණසිංහ.] කලාකාරයෝ විශාල වශයෙන් වමට ආකර්ශණය වුණා. විශේෂයෙන් කොළඹ යුගයේ කවියෝ. කොල්ලුපිටියේ අල්විස් පෙරේරා ප්‍රධානයි. මම දන්න කාලේ ධම්ම[ ජාගොඩ] පති [ධර්මසේන පතිරාජ] එළිපිටමට වමට වැඩ කරපු උදවිය. ධම්ම, විකොසෙන් [ විප්ලවවාදී ​කොමියුනිස්ට් සංගමය – ​දැන් ස.ස.ප]ගියේ පක්ෂ සමුළුවක් යන අතරේ එයාගේ නාට්‍ය කණ්ඩායමේ බෙර සද්දය කීරිති[ බාලසූරිය – විකොස ප්‍රධාන ලේකම්]ට ප්‍රශ්ණයක් වූ නිසා. එතන ධම්ම පුහුණු කරමින් හිටියේ ‘මූල්‍ය අට්ටාලය’ නාටකය සමුළුවට පෙන්වන්න.

පති, විකොස සමඟ තිබූ දේශපාලන ආරවුල බේරගන්න ‘බඹරු ඇවිත්’ සිනමා සිත්තමට වීරේ [ විමල් කුමාර් ද කොස්තාගේ චරිතය] ඇතුල් කළා. අපි හැමෝම පතීට බැන්න. කොස්​තා බස් එකේ යන්නේ පස්සට හැරිල. පතී අපේ වමට හිනා වුනේ එහෙමයි.

අවාසනාවට සුචරිතට අවුරුදු 20ක්ම ඉංග්‍රීසි ටියුෂන් දීල ජීවත්වෙන්න වුණේ. සරසවියෙන් දොට්ට දාපු නිසා. පියසීලි දිගටම දේශපාලනය කළා. කොළඹ සරසවියේ ඉගැන්නුව. ඒත් ඔවුන් ගෙනා උරුමය අනාගතයට ගෙනියන්න කවුරුත් හිටියේ නෑ. සුනිල් [මහා. ආරියරත්න, නන්දා [මාලනී] ඍජුව නැතත් වම කලාවට මැදිහත්වීම අගේ කළා. උපකාර කළා.

Prof. Sucharitha Gamlath

‘විමුක්ති ගී’ තනිකරම ලයියාගේ [ලයනල් බෝපගේ] හීනයක්. මාරේට [ නන්දන මාරසිංහ] තිබුණේ ‘මං පොර’ ජාතකයක් පෙන්වන්න. ජනතා කලා සංගමය අරියදේව උන්නාන්සේගේ [ මහා. විලේගොඩ අරිය දේව] වැඩක්. එයා සිංහල බෞද්ධ ජාතිකවාදයට පල්ලං බැස්සට පස්සේ නිකංම්ම නිකං සිවුරක් බවට පත් වුණා.

මට හිතෙන්නේ පතීගේ ​කරපු හැම නිර්මාණයක් ඇතුලේම එයාගේ දේශපාලන මතය තිබුණ. වසන්ත [ඔබේසේකර] හැමදාම හිටියේ වමේ ෆුඩ් බෝඩ් එකේ. ඒත් ඒයාට ඊළාම් අරගලය ගැන වගේම ජවිපේ ගැනත් හැඟීම් තිබුණ. මට සිවා [ තරකී- ධර්මරත්නම් සිවරාම්] ඉස්සේල්ලාම හමු වුණේ ලෝරිස් පාරේ වසන්තගේ ගෙදර දී. උමාට [උමා මහේශ්වරන්] සිංහල කලාකාරයෝ එක්ක ගනුදෙනු කරන්න ලොකු උවමනාවක් තිබුණ. උමා මට හමුවුණේත් ලෝරිස් පාරේ දී. සුචරිත තමයි මේ සංස්කෘතික තරගයේ වීරය. එයා විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ සියල්ලම ගෙනාවේ.

Prof. Piyaseeli Wijegunasinghe

සරත්චන්ද්ර [මහා. එදිරිවීර] තමයි කලාව අරන් බණ්ඩාරනායකගේ වල්ගේ ගැට ගැහුවේ. වික්‍රමසිංහත්[ මාර්ටින්] ඒකට හවුල් වුණා. ලාංකීය කලාව උඩට සිංහල ජාතිකවාදය පැටෙව්ව. අපිට කුමාරගමල [ නාරම්පනාවේ විමලරත්න] අල්විස් පෙරේරල අමතක හොයාගන්න වුණා.

කාටහරි වමේ සංස්කෘතික දුප්පත්කම නැති කරන්න නම් සුචරිත හා පියසීලි නවත්තපු තැනින් පටන් ගන්න වෙනව. ඊට කලින් මේ පොත කියවන්න ‘කල්පනාලෝකවාදය සාහිත්‍යකලා හා මාක්ස්වාදය’

සුචරිතයි, කීර්තියි හවුලේ ලීවේ.

නන්දන වීරරත්න

14/08/26

Substack-NandanaW