කාවන්තිස්ස ඇතා ගේ මිය යාම පිළිබඳව හතර අතේ චෝදනා එල්ලවනු පෙනේ. බොහෝ චෝදනා වලින් පරිසර ඇමති සහ පශු වෛද්යවරුන්ට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිවය. බොහෝ දෙනාගේ සිත් සතුටු කල, බොහෝ දෙනා ආදරය කල මේ තේජවන්ත හස්තියාගේ අභාවය පිළිබඳ දැඩි ශෝකයක් ඇති වීම සාධාරණය . මේ ගැන සොයා බැලීමේදී මට මේ කරුණු සියල්ලද සොයා ගත හැකිවිය .
පළමු කාරණය නම් ඇතාට වෙඩි තබා ඇති බවය . මේ ගැන සඳහන් කර මාසයකට ඉහත මාලක රොඩ්රිගෝ මහතා විසින් ලියන ලද ලිපියක පරිවර්තනයක් වට්නිව්ස් වෙබ් අඩවියේ පල කර ඇත . මේ ඒ ලිපියයි. බොහෝ චෝදනාකරන්නන් වෙඩි තැබීම අමතක කර ඇතා සුව කිරීමට ගත් ක්රියා මාර්ග විවේචනය කරමින් සිටී. එහි කිසියම් සත්යයක් ඇති බව පෙනෙන්නේ මේ ලිපියේ ඔබ්බවා ඇති වීඩියෝ හතර බලද්දීය. ඇතාගේ සිරුරේ කිහිප තැනකම ඈත සිට එල්ල කර ඇති ප්රතිශක්තිකරණ එන්නත් සිරින්ජර දක්නට ලැබේ . එසේම තනි පටියකින් ඇතා ඉස්සීමට යත්න දරනු පෙනෙන අතර වතුරේ සිටින ඇතාව ඉන් එලියට ගැනීමට අසාර්ථක ලෙස උත්සාහ කරනුද පෙනේ . ඇතා වතුරට යන්නට ඇත්තේ තුවාල කකුල ඔසවා ගැනීමට බැරි බව නිසා හෝ විජලනය නිසා විය හැකිය . එසේම අවසාන දින දෙකේ ඉතා කුඩා සේලයින් බෝතලයක් අල්ලාගෙන සිටි කෙනෙක් දක්නට ලැබේ . අලියකු වැනි විශාල සතෙකුට කුඩා සේලයින් බෝතලයක් සෑහේද යන පැනය සිතට නැගේ. සමහර විට ඒ ප්රතිශක්තිකරණ බෙහෙතක් විය හැකිය .
මසකට කලින් ඇතාට වෙඩි වැදුණු වෙලේ නිර්වින්දන කර පින්නවලට හෝ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ප්රතිකාර නොකළේ මන්ද යයි සිතේ . නමුත් මම අලි ඇතුන් පිළිබඳ දන්නා අයෙක් හෝ විශේෂඥයෙක් නොවන බැවින් ඒ ගැන මුකුත් කිව නොහැකිය .
නමුත් පසුගිය මාසය පුරාම ඇතා පස්සේ එලවමින් බෙහෙත් කිරීමට උත්සහ දරා තිබේ . ප්රශ්නය වූයේ ඒවා පල නොදැරීමයි. බෙහෙත් දුන්නත් මිනිසුන් පවා මිය යන අවස්ථාවක කාලයක් සිටින වන සතෙකුගේ මිය යාම පිළිබඳ සම්භාවිතාව වැඩිය. ඇතා ට බෙහෙත් නොදුන් කතාව බොරුවකි . නමුත් සැළකු ආකාරයේ ප්රශ්න තිබේ. බොහෝ විට වන ජීවී දෙපාර්තමේන්තුවට අවශ්ය උපකරණ වල හිඟයක් ද තිබිය හැකිය . මගේ අදහස මේ තේජවන්ත ඇතා ගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. බොහෝ හේතුන් එවිට හෙළි දරව් වනු ඇත.

පසුගියදා ලංකාවේදී දැනගත් තවත් කරුණක් නම් නිකවැරටිය ප්රදේශයේ අලි ඇතුන් ගමන් ගන්නා හා උන් ආහාර සොයා ගන්නා විහාරයකට අයත් යයි පවසන අක්කර සියයක පමණ කැලෑ ප්රදේශයක සුර්ය පැනෙල ස්ටේෂන් එකක් ඉදි කර ති බවයි . එමනිසා එම මාර්ගයේ ගමන් ගන්නා අලි රංචුවක් වෙනදා අලි නොයන් අසල ගම් වලට පැන තිබේ . දැන් මේවා ඉදි කරන්නේ හොයා බලා නොවේද ? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන සොයා බලා අවසර දී තිබේද ? ලංකාවේ බලශක්ති අර්බුදයට සුර්ය බල ශක්තිය හොඳ පිළිතුරකි . නමුත් ඒ ලෙසම රටේ හැම තැනම ඉවක් බවක් නැති ඉදි කිරීමද නොකළ යුතු දෙයකි .
එසේම පරිසරවේදියෙකු වන මාලක රොඩ්රිගෝ මහතා ලිපියකින් පවසා තිබෙන්නේ අලි මරණ පිලිබඳ පුවත් වත් වාර්තා බොහෝ විට අතිශයෝක්තියෙන් පල කරන අතර අලි මරණ සංඛ්යාව පසුගිය තෙවසර තුල අඩුවෙමින් පවතින බවයි . ඒ මහතා ගේ ලිපිය මෙහි ඇත .
සියලුම අලි ඇතුන්ට ට්රැකින් සිස්ටම් එකක් සවි කිරීම අත්යවශ්ය බව සිතමි .
පසුගිය වසර දෙක තුල වන ජීවී අමාත්යාශය විසින් සෑහෙන වැඩ කොටසක් කර ඇති බවද දැන ගන්නට ලැබුණි.
1. දුම්රිය-අලි ගැටුම නැවැත්වීමට තාප සංවේදී කැමරා පද්ධතිය
2. අලි කොරිඩෝ නිදහස් කිරීම
3. වනජීවී දෙපාර්තමානුව ශක්තිමත් කිරීම
4. වනස්පති ජාතික වැඩසටහන
5. අලි නැවත වනාන්තරයට මුදා හැරීම
6. ප්ලාස්ටික් දූෂණයට එරෙහි ක්රියාමාර්ග
7. අනෙකුත් පියවර
පරිසර අමාත්යාංශය සඳහා මෙතෙක් වෙන් කළ ඉහළම මුදල වන රුපියල් මිලියන 16,040ක් වෙන් කර ඇත.
මූලාශ්ර:
පින්තුර මොන්ගබේ (mongabay-https://news.mongabay.com/) වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී .
Data debunks spike in Sri Lanka’s elephant killings, points at media hype
කොළඹ ගමයා 17/10/2026


