කොරෝනාවෙන් පස්සේ මමත් ගවුටිත් (මගේ බැජ් එකේ හිටපු ටැමිල් ගෑනු ලමයෙක් ගවුටි කියන්නේ.ගවුටි කියන්නේ මම එයාට ආදරේට කියන නම) රිසර්ච් එක කලේ ඉරණමඩු රිසර්ච් සෙන්ටර් එකේ.අවුරුදු තුනම කැම්පස් කැන්ටිමෙන් අඩුවට කෑවට හතර වෙනි අවුරුද්දේ රිසර්ච් එකට එලියට යන්න උනාම එලියේ කඩවල කෑම ගනන් වැඩියි කියලා තේරුන නිසා අපි දෙන්නා “අයින්කයන්” එකෙන් එක කෑම එකක් අරන් දෙකට බෙදාගෙන කන්න ගත්තා.
උදේ ඉදන් කට්ට අව්වේ ලූණු පාත්ති වලත් රටකජු පාත්ති වලත් වැඩ කරලා.දවල්ට කන්න අපි යන්නේ ඉරණමඩු අයින්කයන් එකට.
කඩේ හිටියේ උස මහත සැර පාට පේන අයිතිකාරයෙක්.
කඩේ වැඩට හිටියෙත් සැරපාටට ඉන්න පිරිමි තුන් දෙනෙක්.
මුල්ලක තිබ්බ මේසෙට වෙලා අපි දෙන්නා එක කෑම එක බාගේ බාගේ කාලා ආයේ රිසර්ච් එකට යනවා.
බඩේ ඉතුරු ටිකට පිරෙන්නේ වතුර.
ආයේ රෑට කෑමක් නෑ, නැත්නම් ඉඳලා හිටලා කනවා.
එච්චරම තමා.
තුන් වෙනි දවසේ කඩේ වැඩ කරන කෙනෙක් අපි දිහා බලන් ඉදලා ලඟට ආවා.
දෙමලෙන් මොන මොනවද ගවුටිගෙන් ඇහුවා.
ගවුටිත් පැකිලි පැකිලි දෙමලින්ම උත්තර දුන්නා.
“මොනවද ඇහුවේ”
“ඇයි මේ එක බත් එක දෙන්නම බෙදාගෙන කන්නේ” ඇහුවා.
ඒ මනුස්සයා එහෙම්ම කඩේ කැශියර් ලඟට ගිහින් මොනවද කිව්වා.මම හිතුවෙම හරි ආයේ කාලා හමාරයි කියලා.
ටිකකින් අර පිරිමි කෙනා ආයේ ආවා.මුලු කඩේම තියෙන කරි පාත්තිරම් ඔක්කොම ටික එයාගේ අතේ තිබුනා.
ඒ පාත්‍තිරම් ඔක්කොම මේසේ උඩින් තියලා.
“ඕන තරම් දාගෙන කන්න”
කියලා එයා ගියා.
දවස් සති මාස ගෙවුනා.
රිසර්ච් එකේ කාලය මාස හයයි.
ඒ මාස හය පුරාම එක කෑම එකකට සල්ලි අරන් අපිට ඇති වෙන්න කන්න අර කරි පාත්තිරම් හැමදාම අපේ මේසෙට ආවා.
එතන හිටියෙත් දෙමල මනුස්සයෙක්.
හැමදාම ඒ කඩේට මෙහෙම කාලා පාඩු කරන්න බැරි නිසා අපි ඉරණමඩු චමරියෙන් කන්න පටන් ගත්‍තා.
සමහරදාට ෆීල්ඩ් එකේ ඉදලා ඉදලා කන්න යැවෙන්නේ පරක්කු වෙලා.ඒ යනකොට කෑම තියෙයිද කියලා දන්නේ නෑ.සමහර දාට කෑම ඉවරයි.
එහෙම දවසට කුස්සියේ උයන අක්කා අපි ආපු නැති නිසා ඇතුලෙන් අරන් තියලා තිබුන මාලුපිනි ටික රත් කරලා අපිට ගෙනත් දෙනවා.
ඒ අක්කා මාවත් මම ඒ අක්කවත් දන්නෑ.
හැබැයි මොකක්දෝ අහම්බකාරක බැඳීමක් අපිට තිබුනා.
ඒ අක්කත් දෙමල මනුස්සයෙක්.
වීකෙන්ඩ් එකේ චමරිය වහලා නිසා ඉරණමඩු මාකට් එකෙන් එලවලු හාල් පොඩ්ඩක් අරන් උයාගන්න ගිය දාක පොල් ගෙඩියක් ගන්න සල්ලි මදි උනා.
පොල් ගෙඩිය අතට අරන් ගණන් අහල එහෙම්ම තියද්දි කඩේ හිටපු දෙමල සීයා
“එඩුතු පෝංග. එඩුතු පෝංග..කාසු වේන්ඩාම්.ඉදයුම් එඩුතු පෝංග”
(අරන් යන්න, අරන් යන්න… සල්ලි එපා! මේකත් අරන් යන්න) කියලා කරි වලට දාන තුනපහ පැකට් එකකුත් අතෙන් තිබ්බා.
ඒත් දෙමල මනුස්සයෙක්.
දවසක් කෙලි කමට indoor එක ඉස්සරහා කජු ගහට නැගලා කජු කඩපු දාක පහුවදා බාල්දියක් පිරෙන්න වරකා ගෙනාවේ කේශවන් අණ්ණා..
අදටත් මිනිස්සු මාව දන්නේ වරකා බාල්දිය නිසා.
ඒ ආදරය පිරුණු වරකා බාල්දිය මට ගෙනල්ලා දුන්නෙත් දෙමල මනුස්සයෙක්.
සමහර දාට ඉද්දි ජූස් බාර් එක පැත්තෙන් එද්දි කතා කරලා බනිස් මල්ලක් දුන්නේ ජූස් බාර් එකේ අක්කයි අයියයි.ඒවා කාලා තේ එකක් බීලා ඉදපු අවස්තා ඕන තරම් තිබිලා තියෙනවා.
ඒ දෙන්නත් දෙමල මිනිස්සු.
මම හිතනවා හැමදේම තීරණය වෙන්නේ අපි කවුද කියන එක මත.
මිදිවතු බලන්න ආසාවේ යාපනේ ගිහින් මිදිවතු හොයන් ගියාම.ඒවට ඇතුල් වෙන්න තහනම්.වැඩ කරන අයට කතා කරාම මූණ දිහා බලන් ඉදලා “බලලා ඉක්මනට යන්ඩ” කියලා ගේට්ටුව ඇරලා මිදිවත්තට ඇතුල් වෙන්න දුන්නේ දෙමල මනුස්සයෙක්.එතනින් නොනැවති මිදිපොකුරු දෙක තුනක් කඩලා අතේ තිබ්බේත් දෙමල මනුස්සයෙක්
අද මට මේ මොහොතේ යාපනේ බස් එකක නැගලා පේදුරුතුඩුවෙන් බැහැලා ගේට්ටුව ඉස්සරහටම ගිහින්
“මම කියන්නැතුවම ආවා”
කිව්වත්.
“එන්ඩ එන්ඩ මේ ඔයාගේ ගෙදර කියලා හිතාගන්ඩ.කාලා ඉන්නවද තේ හදන්ඩද..”
කියලා අහන ගෙදරක් මට තියෙනවා.
“දැන්ම යන්ඩ එපා ඔයා සති දෙක තුනක් ඉදලම යන්ඩ” කියලා සති ගානක් මාව තියාගන්න කැමති පවුලක් මට ඉන්නවා.
මම යාපනේ ගියපු ගමන් මම ආවා මල්ලි කිව්වම,
“අක්කා ඔයා ආවද..මම හවස එනවා” කියලා අම්මා හදපු තල කැවිලියි තව රසකැවිලියි පුරවපු පාර්සලයක් අරන් එන සහෝදරයෙක් මට ඉන්නවා.
“ශාරුව මම මාමලගේ දිහා එක්ක යන්ඩද අම්මා කියලා කැඩිච්ච දෙමලෙන් ඇහුවම.
“සරි සරි පරවාඉල්ලෙයි” කියන්නේ ශාරුගේ අම්මා.
එයත් දෙමල මනුස්සයෙක්.
අන්තිමේ යාපනේ ගියපු දවසේ මම ශාරුගෙන් ඇහුවා අපි හම්බෙන්න කලින් ඔයා සිංහල මිනිස්සු ගැන මොනවද හිතන් හිටියේ කියලා.
ශාරු මාව අදටත් මතක් උනාම හිතන්න සලස්වන උත්තරයක් දුන්නා,
” It is all about what your heart says”
එයාගේ හිත එහෙම නොවුනා නම් අපි සහෝදර බැඳීමකින් බැඳෙන්නේ නෑ.
ගමන අවසානේ එන්න හදනකොට ශාරු තිසරගේ අතින් අල්ලලා
“You are my Aththan” කිව්වා.
අතාන් කියන්නේ කවුද? ඒ මම
අතාන් කියන්නේ මගේ සහෝදරියව බඳින කෙනාට මට වෙන නෑකම.
ඔයා මගේ සහෝදරී එතකොට මේ මගේ අතාන් කියලා තිසරව ආදරෙන් හග් කලා.
ශාරුත් දෙමල මනුස්සයෙක්.
ලගඳි යාපනේ ගිය වෙලාවක පාර අයිනේ විශාල ගහක් යට නවත්තලා තිබ්බ මොරිස් මයිනර් වාහනේ දැකලා ෆොටෝ එකක් ගන්න නැවැත්තුවා. සුදු ඇඳගත්ත වසයක සීයා කෙනෙක් ඇවිත් දොර ඇරලා දීලා ෆොටෝ ගහන්න දීලා එයත් අපි එක්ක ෆොටෝ ගත්තා.
“මගේ දුවලා බැඳලා ගියා.දැන් මෙහෙ කවුරුත් නෑ.ඔයාව දැක්කම මගේ දුවව මතක් උනා.මගේ ගේ මේ ලඟ තියෙන්නේ ඕන වෙලාවක එන්න” කියලා අපි එනකොට කඳුලු බේරෙන ඇස් වලින් අත වැනුවේ සෙල්ලප්පා.
ඒ ගමනින් මාස 7කට විතර පස්සේ දන්නැති අංකෙකින් කෝල් එකක් ආවම
“මම යාපනෙන් කතා කරන්නේ එදා නම්බර් එක දුන්නේ මේ දුව නේද”
“ආ මේ සෙල්ලප්පන්නේ” කිව්වම මහා හයියෙන් හිනා වෙවී දුක සැප ඇහුවේ සෙල්ලප්පා.
එයාට සිංහලත් මට දෙමලත් බැරි නිසා අපේ කතාව ට්‍රාන්ස්ලේට් කලේ සෙල්ලප්පගේ ගෙවල් ලඟ ටිකට් කවුන්ටරේ හිටපු සිංහල දෙමල ඉංග්‍රීසි තුනම දන්න දෙමල මනුස්සයෙක්.
ඒ දෙන්නම දෙමල මිනිස්සු.
හැමදේම අපි ලෝකේ දිහා බලන විදිහ අනුවයි තීරණය වෙන්නේ.
යාපනෙන් මම ගත්තේ ඩිග්‍රී එක විතරක් නෙවේ.මට එහෙදි හම්බුනේ ජීවිතේ හම්බුන ලස්සනම මිනිස්සු..
අදටත් සති දෙක තුනකට සැරයක් මට කෝල් එකක් එනවා
” කුමාරීරීඊඊ ඔයාට දැන් එන්න කාලේ හරි…”
ඒ මට යාපනේදි තාත්තෙක් උන සුබ්‍රමනියම් මාමා.
එහෙ ගිය දාක උදේට ඇහෙරෙනකොට තේ එක ගේන්නේ සුබ්‍රමනියම් මාමා
ඒකත් හරි තාලෙට අත් දෙකෙන් තේ එක අල්ලගෙන
” කුමාරී…. තේ ගෙනාවා”
මගේ ජීවිතේ ඕන තරම් පෙට් නේම් මට තිබිලා තියෙනවා ඒත් මට කුමාරි කියන්නේ සුබ්‍රේ මමා.ඒක මට හදවතට දැනෙන දෙයක්.කුමාරි කියන්නේ කොච්චර කොමන් නමක් උනත් සිංහල භාශාවේ තියෙන ඒ වචනේ මට හදවතටම දැනුනේ එදා.
මම යාපනේ කරක් ගැහුවට දෙමල මිනිස්සු එක්ක කතා කලාට භාශාව මට කිසි දාක ප්‍රශ්නයක් වෙලා නෑ.
යාපනේදි මට අතරමං නොවෙන්න පාර පෙන්නලා තියෙන්නේ යාපනේ මිනිස්සු.
කලින් පාර ප්‍රෙඩේටර් වගේ කොණ්ඩේ ගොතාගෙන යාපනේ ගියාම දෙමල විතරක් දන්න නැන්දා මාව ගම ඇතුලට එක්කන් ගියේ සිංහල විතරක් දන්න මට ඒ ගම පෙන්නන්න.
මුලින් මාව දැකපු මිනිස්සු මං දිහා අමුතුවට බැලුවම නැන්දා හරි උජාරුවෙන් මාව අඳුන්වල දුන්නම මාව ආදරෙන් පිලිඅරන් ගෙවල් වල තියෙන පලතුරු අරවා මේවා ගෙනත් දුන්නේ දෙමල මිනිස්සු.
මේ කියපු හැම කතාවකටම සාක්ශි ඒ මොහොතවල්වල මං ලඟ හිටපු අය දන්නවා.
අදටත් ගෙදර දුවන්නැතුව මට දුවන්න හිතෙන්නේ යාපනේ.
මේ ලෝකේ ගොඩක් ලොකුයි.
ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ දවසක් අපිට දෙමල මනුස්සයෙක් කැම්පස් එකේ තිබුන ඉවෙන්ට් එකක් ඉවර වෙලා දුන්න කෑම වගයක්..
මූණු අයින් කලාට මේ කෑම වේල කාපු මගේ යාලුවන්ට මතක ඇති මේ සිදුවීම.
එපා කියද්දිත් තියෙන ඔක්කොම කරි පාත්තිරම් මේසෙට ගොඩ ගහලා කන්න දුන්නෙත් දෙමල මනුස්සයෝ කීප දෙනෙක්.
මම කැම්පස් ගියාට මට ඕන උනේ නෑ ඒ හතර කොණ බලල ගෙදර එන්න.
කැම්පස් එක කියන්නේ මුලු යාපනේ එක්කම් ගත්තම හරි පොඩි තැනක්.
කැම්පස් යන නංගිලා මල්ලිලට කියන්නේ ඔය ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරන්න හරි ලස්සන කතා එයාලා ලඟ තියෙනවා.
භාශාව ප්‍රශ්නයක් නෑ.
අදටත් මට දෙමල බෑ ඒත් මේ දැන් යාපනේ ගියත් මට යාපනේ ගෙදරක් තියෙනවා.
අද කට්ටියක් යාපනේ කැම්පස් එකේ වෙසක් කූඩුවක් කඩපු සිද්ධිය අල්ලගෙන මුලු ජනතාවක් ගැනම තීන්දු දෙනවා.
ඒක දැක්කම මට මතක් වෙන්නේ මගේ ජීවිතේ හම්බුණ අර මිනිස්සු. එක කෑම එකක් දෙකට බෙදාගෙන කන අපිට කරි පාත්තිරම් මේසෙට ගෙනත් දුන්න මනුස්සයා. පොල් ගෙඩියට සල්ලි මදි වෙද්දී “එඩුතු පෝංග” කියපු සීයා. මට යාපනේ ගෙදරක් දුන්න පවුල. අදටත් “කුමාරී” කියලා කතා කරන සුබ්‍රමනියම් මාමා.
ඒ හැමෝමත් දෙමළ මිනිස්සු.
ඒ නිසා මම කවදාවත් එක මනුස්සයෙකුගේ වැරැද්දකින් මුලු ජනතාවක් මනින්නෙ නෑ.
මිනිස්සුන්ව තීරණය වෙන්නේ එයාලා කතා කරන භාෂාවෙන් නෙවෙයි. එයාලා ඉපදුණු පැත්තෙන් නෙවෙයි.
It is all about what your heart says.
මට යාපනේ උගන්නපු ලොකුම පාඩම ඒක
நான் சந்தித்த தமிழர்கள்!
கொரோனாவுக்குப் பிறகு, நானும் கவுதியும் (என் பேட்சில் இருந்த ஒரு தமிழ் பெண். நான் அன்பாக அவளை “கவுதி” என்று அழைப்பேன்) எங்கள் ஆய்வை இரணைமடு ஆராய்ச்சி மையத்தில் செய்தோம். மூன்று வருடங்கள் பல்கலைக்கழக கேன்டீனில் மலிவாக சாப்பிட்டோம். ஆனால் நான்காம் ஆண்டில் ஆய்வுக்காக வெளியே செல்ல வேண்டியபோது, வெளியிலுள்ள கடைகளில் உணவின் விலை அதிகம் என்பதை உணர்ந்தோம். அதனால் நாங்கள் இருவரும் “ஐயன்கயன்” கடையில் இருந்து ஒரு உணவை வாங்கி இருவரும் பகிர்ந்து சாப்பிட ஆரம்பித்தோம்.
காலை முதல் கடும் வெயிலில் வெங்காய வயல்களிலும், நிலக்கடலை வயல்களிலும் வேலை செய்து, மதிய உணவுக்காக இரணைமடு ஐயன்கயன் கடைக்குப் போவோம்.
அங்கே உயரமாகவும், கொஞ்சம் கடினமான தோற்றத்துடன் இருந்த ஒரு உரிமையாளர் இருந்தார். கடையில் வேலை செய்த மூன்று ஆண்களும் அதே மாதிரி கடுமையான தோற்றத்துடன் இருந்தார்கள்.
நாங்கள் ஒரு மூலையில் இருந்த மேசையில் உட்கார்ந்து, ஒரு உணவை இருவரும் பாதி பாதியாக சாப்பிட்டு மீண்டும் ஆய்வுக்குப் போய்விடுவோம். வயிற்றில் மீதமுள்ள இடத்தை தண்ணீரால் நிரப்பிக்கொள்வோம்.
இரவில் உணவு கிடையாது. கிடைத்தாலும் சில சமயங்களில் மட்டுமே. அவ்வளவுதான்.
மூன்றாம் நாள், கடையில் வேலை செய்த ஒருவர் எங்களை கவனித்துக்கொண்டிருந்தார். அவர் வந்து கவுதியிடம் தமிழில் ஏதோ கேட்டார். கவுதியும் கொஞ்சம் தயக்கத்துடன் தமிழிலேயே பதில் சொன்னாள்.
“என்ன கேட்டார்?” என்று நான் கேட்டேன்.
“ஏன் ஒரு சோற்றைப் இருவரும் பகிர்ந்து சாப்பிடுகிறீர்கள்?” என்று கேட்டாராம்.
அவர் நேராக கேஷியரிடம் போய் ஏதோ பேசினார். நான் நினைத்தேன், “சரி, இனிமேல் இங்கே சாப்பிட முடியாது போல.”
சிறிது நேரத்தில் அவர் மீண்டும் வந்தார். கடையில் இருந்த எல்லா கறி பாத்திரங்களையும் கையில் எடுத்துக்கொண்டு வந்தார். அவற்றை எல்லாம் எங்கள் மேசையில் வைத்து,
“வேண்டிய அளவு போட்டுச் சாப்பிடுங்கள்” என்று சொல்லிவிட்டு சென்றார்.
நாட்கள், வாரங்கள், மாதங்கள் கடந்து போனது.
எங்கள் ஆய்வு ஆறு மாதங்கள் நீடித்தது. அந்த ஆறு மாதங்களும், ஒரு உணவுக்கான பணம் மட்டுமே வாங்கி, வயிறு நிறைய சாப்பிட எங்களுக்கு அந்த கறி பாத்திரங்கள் தினமும் எங்கள் மேசைக்கு வந்தன.
அந்த மனிதரும் ஒரு தமிழர்தான்.
அப்படி தினமும் அந்தக் கடையில் இவ்வளவு சாப்பிட்டு அவர்களுக்கு நஷ்டம் ஏற்படுத்தக் கூடாது என்று நினைத்து, நாங்கள் இரணைமடு சாமரியில் சாப்பிடத் தொடங்கினோம்.
சில நாட்களில் களப்பணியில் நீண்ட நேரம் இருந்து, சாப்பிடப் போகும்போது மிகவும் தாமதமாகிவிடும். அப்போது போகும் நேரத்தில் உணவு இருக்கும் தானா என்று கூட தெரியாது. சில சமயங்களில் உணவு முடிந்துவிடும்.
அப்படிப்பட்ட நாட்களில், சமையலறையில் வேலை செய்த அக்கா, நாங்கள் வரவில்லை என்பதால் எங்களுக்காக தனியாக வைத்திருந்த மீன் கறியை மீண்டும் சூடாக்கி எடுத்து வந்து கொடுப்பார்.
அந்த அக்காவை நான் அறியேன்; என்னையும் அவர் அறியார்.
ஆனால் எங்களுக்குள் ஏதோ ஒரு விசித்திரமான பாசப் பிணைப்பு இருந்தது.
அந்த அக்காவும் ஒரு தமிழர்தான்.
வார இறுதியில் சாமரி மூடப்பட்டிருந்ததால், ஒருநாள் இரணைமடு சந்தையில் இருந்து கொஞ்சம் காய்கறியும் அரிசியும் வாங்கி சமைக்கச் சென்றோம். அப்போது ஒரு தேங்காய் வாங்கப் பணம் போதவில்லை.
தேங்காயை கையில் எடுத்து விலை கேட்டுவிட்டு, பணம் போதாததால் மீண்டும் வைத்துவிட்டேன். அப்போது கடையில் இருந்த ஒரு தமிழ் தாத்தா,
“எடுத்துப் போங்க… எடுத்துப் போங்க… காசு வேண்டாம்… இதையும் எடுத்துப் போங்க…”
(“கொண்டு போங்கள், கொண்டு போங்கள்… பணம் வேண்டாம்… இதையும் எடுத்துச் செல்லுங்கள்…”) என்று சொல்லி, கறிக்குப் போட ஒரு மசாலா பொட்டலத்தையும் என் கையில் வைத்தார்.
அவரும் ஒரு தமிழர்தான்.
ஒருநாள் விளையாட்டாக இன்டோர் ஹாலின் முன் இருந்த முந்திரி மரத்தில் ஏறி முந்திரி பறித்தோம். அதற்குப் பிறந்த நாளே, ஒரு வாளி நிறைய பலாப்பழச் சுளைகளை கொண்டு வந்து தந்தார் கேசவன் அண்ணா.
இன்றும் பலர் என்னை அந்த “பலாப்பழ வாளி” சம்பவத்தால் நினைவில் வைத்திருக்கிறார்கள்.
அன்பு நிறைந்த அந்த பலாப்பழ வாளியை எனக்குக் கொண்டு வந்து தந்தவரும் ஒரு தமிழர்தான்.
சில நாட்களில் ஜூஸ் பாரின் பக்கமாகச் செல்லும்போது, அங்கிருந்த அக்காவும் அண்ணாவும் என்னை அழைத்து ஒரு பை நிறைய பன்ஸ் கொடுத்துவிடுவார்கள். அவற்றை சாப்பிட்டு ஒரு தேநீர் குடித்துக்கொண்டு பல முறை நேரம் கழித்திருக்கிறேன்.
அவர்களிருவரும் தமிழர்கள்தான்.
எல்லாவற்றையும் தீர்மானிப்பது நாம் யார் என்பதுதான் என்று நான் நம்புகிறேன்.
ஒருமுறை திராட்சைத் தோட்டங்களைப் பார்க்கும் ஆசையில் யாழ்ப்பாணத்தில் திராட்சைத் தோட்டங்களைத் தேடிச் சென்றேன். அவற்றுக்குள் செல்ல அனுமதி இல்லை. அங்கு வேலை செய்தவர்களிடம் கேட்டபோது, அவர்கள் என் முகத்தைப் பார்த்துவிட்டு,
“பார்த்துட்டு சீக்கிரம் போங்க”
என்று சொல்லி கதவைத் திறந்து என்னை உள்ளே அனுமதித்தார் ஒரு தமிழர்.
அதோடு மட்டும் நிற்காமல், இரண்டு மூன்று திராட்சைக் கொத்துகளைப் பறித்து என் கையில் கொடுத்தவரும் ஒரு தமிழர்தான்.
இன்று கூட, இந்த நேரத்தில் நான் யாழ்ப்பாணம் செல்லும் பேருந்தில் ஏறி, பருத்தித்துறையில் இறங்கி, நேராக ஒரு வீட்டின் வாசலுக்குச் சென்று,
“நான் சொல்லாமலே வந்துட்டேன்”
என்று சொன்னாலும்,
“வாங்க வாங்க… இது உங்க வீடு மாதிரி நினைச்சுக்கோங்க. சாப்பிட்டீங்களா? தேநீர் வைக்கட்டுமா?”
என்று கேட்கும் ஒரு வீடு எனக்கு அங்கே இருக்கிறது.
“இப்பவே போகாதீங்க… இன்னும் இரண்டு மூன்று வாரமாவது தங்கி இருந்துட்டுப் போங்க”
என்று சொல்லி, என்னை வாரக்கணக்கில் தங்கவைக்க விரும்பும் ஒரு குடும்பமும் எனக்கு இருக்கிறது.
நான் யாழ்ப்பாணம் சென்றவுடன், “தம்பி, நான் வந்துட்டேன்” என்று சொன்னால்,
“அக்கா, நீங்க வந்துட்டீங்களா? நான் மாலைக்குள் வர்றேன்”
என்று சொல்லி, அம்மா செய்த எள்ளுருண்டைகளும் மற்ற இனிப்புகளும் நிறைந்த ஒரு பொதியை எடுத்துக்கொண்டு வரும் ஒரு தம்பியும் எனக்கு இருக்கிறான்.
ஒருமுறை நான் உடைந்த தமிழில்,
“ஷாருவே, நான் மாமா வீட்டுக்கு அம்மாவுடன் போகட்டுமா?”
என்று கேட்டபோது,
“சரி சரி, பரவாயில்லை”
என்று புன்னகையுடன் சொன்னார் ஷாருவின் அம்மா.
அவரும் ஒரு தமிழர்தான்.
இறுதியாக நான் யாழ்ப்பாணம் சென்ற கடைசி நாளில், ஷாருவிடம் ஒரு கேள்வி கேட்டேன்.
“நாம் சந்திப்பதற்கு முன், நீ சிங்கள மக்களைப் பற்றி என்ன நினைத்துக் கொண்டிருந்தாய்?”
என்று கேட்டேன்.
இன்றுவரை நினைத்தாலே என்னை சிந்திக்க வைக்கும் ஒரு பதிலை ஷாரு சொன்னாள்:
“It is all about what your heart says.”
(உன் இதயம் என்ன சொல்கிறது என்பதுதான் முக்கியம்.)
அவளுடைய இதயம் அப்படிச் சொல்லாமல் இருந்திருந்தால், இன்று நாங்கள் இவ்வளவு அழகான ஒரு சகோதர உறவில் இணைந்திருக்க மாட்டோம்.
பயணத்தின் முடிவில் நான் திரும்பிச் செல்லத் தயாரானபோது, ஷாரு திஸராவின் கையைப் பிடித்து,
“You are my Aththan”
என்று சொன்னாள்.
“அத்தான்” யார் தெரியுமா?
அது நான்தான்.
தமிழில் “அத்தான்” என்பது தன் சகோதரியைத் திருமணம் செய்யும் மனிதருடன் ஏற்படும் உறவைக் குறிக்கும்.
“நீ என் சகோதரி. அப்படியானால் இவர் என் அத்தான்”
என்று சொல்லி, திஸராவை அன்போடு அணைத்துக் கொண்டாள்.
ஷாருவும் ஒரு தமிழர்தான்.
⸻
சமீபத்தில் யாழ்ப்பாணம் சென்றபோது, சாலையோரத்தில் ஒரு பெரிய மரத்தின் கீழ் நிறுத்தப்பட்டிருந்த ஒரு பழைய Morris Minor காரைக் கண்டு புகைப்படம் எடுக்க நின்றோம்.
அப்போது வெள்ளை உடை அணிந்திருந்த ஒரு வயதான தாத்தா வந்து, காரின் கதவைத் திறந்து வைத்து, நாங்கள் புகைப்படம் எடுக்க அனுமதித்தார். அவரும் எங்களுடன் சேர்ந்து புகைப்படம் எடுத்துக்கொண்டார்.
பின்னர் அவர் சொன்னார்:
“என் மகள்கள் எல்லோரும் திருமணம் செய்து கொண்டு போய்விட்டார்கள். இப்போது இங்கே யாரும் இல்லை. உன்னைப் பார்த்ததும் என் மகள் நினைவுக்கு வந்தாள். என் வீடு இதோ அருகில்தான் இருக்கிறது. எப்போது வேண்டுமானாலும் வா.”
நாங்கள் திரும்பிச் செல்லும்போது, கண்களில் கண்ணீர் ததும்ப, கையை அசைத்து விடைபெற்றவர் செல்லப்பா.
⸻
அந்த சந்திப்பிற்கு ஏழு மாதங்கள் கழித்து, தெரியாத ஒரு எண்ணிலிருந்து எனக்கு அழைப்பு வந்தது.
“நான் யாழ்ப்பாணத்திலிருந்து பேசுகிறேன். அன்று இந்த மகள்தானே எனக்கு நம்பரை கொடுத்தது?”
என்று கேட்டார்.
“ஆஹா! இது செல்லப்பாவா?”
என்று நான் சொன்னவுடன், பெரிய சிரிப்புடன் என் நலன்களை விசாரிக்கத் தொடங்கினார்.
அவருக்கு சிங்களம் தெரியாது; எனக்கு தமிழ் சரியாக தெரியாது.
அதனால் எங்கள் உரையாடலை மொழிபெயர்த்தவர், செல்லப்பாவின் வீட்டருகே இருந்த டிக்கெட் கவுண்டரில் வேலை செய்த, சிங்களம், தமிழ், ஆங்கிலம் ஆகிய மூன்று மொழிகளையும் அறிந்த ஒரு தமிழர்.
அவர்களிருவரும் தமிழர்கள்தான்.
⸻
இந்த உலகத்தை நாம் எப்படி பார்க்கிறோம் என்பதில்தான் எல்லாமும் முடிவடைகிறது.
யாழ்ப்பாணத்திலிருந்து நான் எடுத்துச் சென்றது ஒரு பட்டம் மட்டும் அல்ல.
என் வாழ்க்கையில் சந்தித்த மிக அழகான மனிதர்களையும் அங்கிருந்தே பெற்றேன்.
இன்றும் இரண்டு அல்லது மூன்று வாரங்களுக்கு ஒருமுறை எனக்கு ஒரு தொலைபேசி அழைப்பு வருகிறது:
“குமாரீஈஈ… இப்போ நீ வர வேண்டிய நேரம் வந்துடுச்சு…”
என்று.
அவர் யாழ்ப்பாணத்தில் எனக்கொரு அப்பாவாக மாறிய சுப்பிரமணியம் மாமா.
நான் அங்கே தங்கியிருந்த நாட்களில், காலையில் விழித்தவுடன் தேநீர் கொண்டு வந்து தருபவரும் சுப்பிரமணியம் மாமாதான்.
இரு கைகளாலும் தேநீர் கோப்பையை கவனமாக பிடித்துக்கொண்டு,
“குமாரி… தேநீர் கொண்டு வந்திருக்கேன்…”
என்று அன்பாக அழைப்பார்.
என் வாழ்க்கையில் எனக்கு ஏராளமான செல்லப்பெயர்கள் இருந்திருக்கின்றன. ஆனால் என்னை “குமாரி” என்று அழைப்பவர் சுப்பிரமணியம் மாமாதான். அது என் இதயத்தைத் தொடும் ஒரு அழைப்பு. “குமாரி” என்பது சிங்கள மொழியில் மிகவும் பொதுவான ஒரு பெயராக இருந்தாலும், அந்த வார்த்தை என் மனதுக்குள் ஆழமாக பதிந்தது அந்த நாளில்தான்.
நான் யாழ்ப்பாணம் முழுவதும் சுற்றித் திரிந்திருக்கிறேன். தமிழர்களுடன் பேசியிருக்கிறேன். ஆனால் மொழி எனக்கு ஒருபோதும் தடையாக இருந்ததில்லை.
யாழ்ப்பாணத்தில் நான் வழி தவறாமல் இருக்க வழிகாட்டியது யாழ்ப்பாண மக்கள்தான்.
ஒருமுறை “பிரெடேட்டர்” மாதிரி முடியைப் பின்னிக்கொண்டு யாழ்ப்பாணம் சென்றிருந்தேன். தமிழ் மட்டுமே தெரிந்த ஒரு அத்தை, சிங்களம் மட்டுமே தெரிந்த என்னை, அந்த ஊரைச் சுற்றிக்காட்ட வேண்டும் என்று கிராமத்துக்குள் அழைத்துச் சென்றார்.
முதலில் என்னைப் பார்த்தவர்கள் கொஞ்சம் வித்தியாசமாகப் பார்த்தார்கள். ஆனால் அந்த அத்தை பெருமையாக என்னை அறிமுகப்படுத்தியதும், அவர்கள் என்னை அன்போடு வரவேற்று, தங்கள் வீடுகளில் இருந்த பழங்களையும் மற்ற உணவுப் பொருட்களையும் கொண்டு வந்து கொடுத்தார்கள்.
அவர்களும் தமிழர்கள்தான்.
நான் இங்கே சொன்ன ஒவ்வொரு கதைக்கும் சாட்சியாக அந்த நேரங்களில் என்னுடன் இருந்தவர்கள் இருக்கிறார்கள்.
இன்றும் எனக்கு வீட்டிற்கு ஓடிச் செல்ல வேண்டும் என்று தோன்றுவதில்லை; யாழ்ப்பாணத்திற்கே ஓடிச் செல்ல வேண்டும் என்று தோன்றுகிறது.
இந்த உலகம் மிகவும் பெரியது.
கீழே இருக்கும் புகைப்படத்தில், ஒருநாள் பல்கலைக்கழகத்தில் நடந்த ஒரு நிகழ்ச்சி முடிந்தபின், ஒரு தமிழர் எங்களுக்கு வழங்கிய உணவு இருக்கிறது.
முகங்களை மறைத்திருந்தாலும், அந்த உணவை என்னுடன் சாப்பிட்ட நண்பர்களுக்கு அந்த சம்பவம் நிச்சயம் நினைவிருக்கும்.
“வேண்டாம்” என்று சொன்னபோதும், இருந்த எல்லா கறி பாத்திரங்களையும் எங்கள் மேசையில் குவித்து வைத்து, வயிறு நிறைய சாப்பிடச் செய்தவர்களும் சில தமிழர்கள்தான்.
நான் பல்கலைக்கழகத்திற்குப் போனது, அந்த நான்கு சுவர்களைக் கண்டு திரும்பிவருவதற்காக அல்ல.
பல்கலைக்கழகம் என்பது முழு யாழ்ப்பாணத்துடன் ஒப்பிடும்போது மிகவும் சிறிய இடம்.
பல்கலைக்கழகத்திற்குச் செல்லும் தங்கைகளுக்கும் தம்பிகளுக்கும் நான் சொல்ல விரும்புவது இதுதான்:
அந்த வாயிலைத் தாண்டி வெளியே வாருங்கள். மக்களுடன் பேசுங்கள். அவர்களிடம் சொல்லப்படாத அழகான கதைகள் இருக்கின்றன.
மொழி ஒரு பிரச்சினையே அல்ல.
இன்றும் எனக்கு தமிழ் சரியாக வராது. ஆனால் இப்போதும் நான் யாழ்ப்பாணம் சென்றால், எனக்கென்று ஒரு வீடு அங்கே இருக்கிறது.
இன்று சிலர், யாழ்ப்பாணப் பல்கலைக்கழகத்தில் ஒரு வெசாக் கூடு உடைக்கப்பட்ட சம்பவத்தை வைத்து, ஒரு முழு சமூகத்தையே தீர்மானிக்க முயல்கிறார்கள்.
அதைப் பார்க்கும்போது, என் வாழ்க்கையில் சந்தித்த அந்த மனிதர்கள்தான் எனக்கு நினைவுக்கு வருகிறார்கள்.
ஒரு சோற்றைப் பகிர்ந்து சாப்பிட்ட எங்களுக்கு கறி பாத்திரங்களை மேசைக்கு எடுத்துவந்து வைத்த மனிதர்.
தேங்காய் வாங்க பணம் போதாதபோது,
“எடுத்துப் போங்க…”
என்று சொன்ன தாத்தா.
யாழ்ப்பாணத்தில் எனக்கு ஒரு வீட்டைக் கொடுத்த குடும்பம்.
இன்றும் என்னை
“குமாரி…”
என்று அழைக்கும் சுப்பிரமணியம் மாமா.
அவர்களெல்லாரும் தமிழர்கள்தான்.
அதனால்தான், ஒரே ஒரு மனிதனின் தவறை வைத்து ஒரு முழு மக்களையும் நான் ஒருபோதும் மதிப்பிட மாட்டேன்.
மக்களை தீர்மானிப்பது அவர்கள் பேசும் மொழியால் அல்ல.
அவர்கள் பிறந்த இடத்தால் அல்ல.
It is all about what your heart says.
உங்கள் இதயம் என்ன சொல்கிறது என்பதுதான் முக்கியம்.
யாழ்ப்பாணம் எனக்குக் கற்றுக் கொடுத்த மிகப் பெரிய பாடம் அதுதான்.
Original Article Can be read at Minon Perera
