II මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද “සියාමා “නව කතාව කියවා අවසන් වූ සැණින් මට අසන්නට ලැබුණේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ට රහසිගතව ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එරට මූලධාර්මික විනිසුරුවකුගේ තීන්දුවකට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියම වූ ඛලීජා නම් 22හැවිරිදි ලාබාල තරුණියගේ ශෝචනීය කතාවයි.
එම පුවත සමග ආසියාතික දැරියන් හා ස්ත්‍රීන් මුහුණ දී සිටින ලිංගික වධ හිංසනයන්ගේ දැරිය නොහැකි පීඩනය හා ඔවුන්ගේ මරණය තීන්දු කිරීමේ කෲර සංස්කෘතික ම්ලේච්ජත්වයෙ යථාවෙන් බිදක් නිර්මාණාත්මක සාකච්ජාවට ගැනීම පිළිබද “සියාමා” කතුවර අජිත් ධර්ම ට ස්තූති පූර්වක වෙමි.
විශේෂයෙන් ළමා වියෙහි පටන් සම්ප්‍රදායික පුරුෂ මූලධර්මවාදී ආකල්ප හා මතවාදයන් විසින් මෙහෙයවනු ලබන සමාජ දේශපාලන සංස්කෘතියක ගැහැනිය යනු තමාට ඇවැසි ලෙස පාලනය කළ හැකි සහ මෙහය විය හැකි සහ ඇවසි ඕනෑම විටක ඝාතනයට ලක් කළ හැකි මනුෂ්‍යත්වයේ අයිතීන් අහිමි ජන කොටසක් බවට පත් කරනු ලැබ තිබීම 21වන සිය වසෙහි පළමු කාර්තුව අවසන පවා ලොව අත් විදිමින් සිටින බරපතල සාපරාධයකි.
මෙම මූලධාර්මික නීති රීති හා භාවිතාවන් ,සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීම හෝ එයට පටහැනි වීම සපුරා තහනම් වන අතර එවැනි විටක මරණය නියත වන අතර එය සාමූහිකව සාධාරණීකරණය කරන ම්ලේච්ජත්වයක් හමුවේ තමත් ලොවක් නිහඩව නිසලව සිටීම බරපතල දේශපාලන මානවීය ඛේදවාචකයකි.



Test
අප්‍රේල් 12, 2026 දින 5:38 පෙ.ව. ට සංස්කරණය
අප්‍රේල් 12, 2026 දින 6:44 පෙ.ව. ට සංස්කරණය
අප්‍රේල් 12, 2026 දින 6:50 පෙ.ව. ට