මේ ලිපිය සඳහා ප්‍රවේශයක් වශයෙන් මම වෙනත් ලිපියක් ලීවෙමි . ඒ නිර්මාණ සංවාද කුලකය ,බ්‍රෙෂ්ට් සහ මාවෝගේ සංස්කෘතික විප්ලවය යන්නය. එහි අවසානයේ මා ඇසූ ප්රශ්නය වූයේ සුමනා විජේරත්නට කොළඹ සාහිත්‍ය කතිකාව අතපසු වූයේ මන්ද යන්නය. (අපට විප්ලවීය සංස්කෘතික හමුදාවක අවශ්‍යතාවය පි . 28 ) මාඕ සේතුන් කළ කතාවේ ඔහුගේ ප්‍රධානතම චෝදනාවක් වූයේ සාහිත්‍යය හා කලාව පොදු ජනතාව අතරට, චීනයේ ඒ දිනවල ප්‍රතිශතයෙන් වැඩි ග්‍රාමීය ජනතාවට සාහිත්‍යයේ නවෝදය, සමාජවාදී පුනරුදයේ පණිවිඩය නොයන බවයි. ඒ වෙනුවෙන් සංස්කෘතික විප්ලවයක් කිරීමට සහ උගතුන් සහ කලාකරුවන් පොදු ජනතාව අතරට යාමට ඔහු විසින් උනන්දු කරනු ලැබීය. අනුරාධපුරයේ සිටි සුමනාවෝලාට කොළඹ කතිකාව මග හැරුනේ ලංකාවේ සාහිත්‍ය , කලාව පිළිබඳ කතිකාව කොළඹට පමණක් සීමා වී තිබූ නිසාද?
බොහෝවිට සාමාජිය විප්ලවයන් සිදුවන්නේ වඩා නාගරික හා දියුණු මධ්‍යම පන්තියක් කේන්ද්‍ර කොට ගෙනය . රුසියාවේ චිප්ලවයේ කේන්ද්‍රස්ථානය වූයේ පෙත්රෝග්රාදයයි . (වත්මන් ශාන්ත පිතර්බුර්ගය). එහිදී දියුණු (මා මෙහිදී අදහස් කරන්නේ විප්ලවීය සවිඥානය සහිත) පීඩිත කම්කරු පන්තියක්, යුධයෙන් බැට කෑ හමුදාවක් සහ ශිෂ්‍ය පිරිසක්ද සිටියහ. නමුත් මුල් අවධියේ ලෙනින්ට හා ට්‍රොට්ස්කි ට නොතිබුණු ප්‍රශ්නයක් ස්ටාලින්ට හා මාඕ ට පශ්චාත් විප්ලවීය සමයේදී පැන නැගුණි. විප්ලවීය දැක්ම හා සමාජීය වෙනස්කම් ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිදුවුනේ නැත . එනම් සමාජවාදී මිනිසෙකු නිර්මාණය කිරීමේ කාර්යභාරය රජයට අවශ්‍ය ආකාරයට සිදුවුනේ නැත. ඒ නිසා මේ දෙදෙනාම සංස්කෘතික විප්ලව දියත් කළහ. මේ සංස්කෘතික විප්ලව නිසා සිදුවූ හානිය සහ බරපතල මානව අයිතීන් කඩ කිරීම් නිසා ඒ රටවවල් තුලම ජනතාව තුලින් ඒවාට විරෝධය පැන නැගුනු අතර ඉන්පසු පැමිණි පාලකයන් ඒවා කණපිට හරවන ලදී . චීනයේ හතර දෙනාගේ කල්ලිය සිරගත කිරීමේ සිට ස්ටාලින් ගේ සොහොන ක්‍රෙම්ලින බිත්තියෙන් ඉවත් කිරීම ද මේ අතර විය. නමුත් පසු කාලයකදී ඩෙන් ෂියා ඕ පින් මෙන්ම රුසියාවේ වත්මන් පාලක පූටින් ද මාඕ සහ ස්ටාලින් ගේ ප්රතිරූප නැවත ගොඩ නැංවීමට ක්‍රියා කළහ .
අපට මාඕ ගේ කතාව සංවාදයට ගන්නට වෙන්නේ මේ සන්දර්භය තුල වීම අවාසනාවකි . නමුත් මාඕ ගේ මූලික අදහස් සලකා බැලීමට අප එය බාධාවක් කර ගන්නේද? නට්සි වාදීන් සමග සහයෝගයෙන් ක්‍රියා කළා යයි පැවසුවද අප හෛඩගර් ගේ දාර්ශනික අදහස් සාකච්චාවට නොගෙන සිටින්නේ නැත. සුමනා විජේරත්න කලේද එයයි . ඒ ගැන , මේ සංවාදයට මග පෑදීම ගැන ඇයට මුලින්ම ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන් සුමනාවෝ විසින් මාඕ ගේ මෙම ඓතිහාසික දේශනයට පසුබිම පැහැදිලි කිරීම ඉතා වැදගත්ය. (පි . 16-24) යෙනාන් නුවර, චීනය බිහිවීමට පෙර අවදිය, චීනය නිර්මාණය වීම, පරිපාලන තන්ත්රය ශක්තිමත් වීම, යුරෝපීය ආක්‍රමණ, යුරෝපීය ආධිපත්‍ය සහිත ප්‍රදේශ වෙන් කිරීම, ජපන් ආක්‍රමණය, කොමියුනිස්ට් පක්ෂය ස්ථාවර වීම ලෙස බෙදා වෙන් කර පැහැදිලි කිරීම හොඳ ප්‍රවේශයක් ලබා දෙයි. අවශ්‍ය අයෙකුට මේ මාතෘකා යටතේ අන්තර්ජාලය ඇසුරින් වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඉන් අවකාශය සලසා දී තිබේ .
මාඕ ගේ කතාවේ ඉතා සංක්ෂිප්ත පරිවර්තනයක් හා අදහසක් ඉදිරිපත් කිරීමට කැමතිය. (සම්පූර්ණ පරිවර්තනය සුමනා විජේරත්න (මින් ඉදිරියට සු.වි.- ගේ ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ)මාඕ සේතුං විසින් 1942 දී පවත්වන ලද “සාහිත්‍යය සහ කලාව පිළිබඳ යෙනාන් සාකච්ඡාව” නමැති දේශනය නවීන චීන ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත ලේඛනයකි. එමඟින් කලාව යනු හුදෙක් ප්රකාශනයක් පමණක් නොව, එය විප්ලවය සඳහා වූ “ආයුධයක්” යන මූලධර්මය දැඩිව ස්ථාපිත කරන ලදී. යෙනාන් හි කොමියුනිස්ට් මධ්‍යස්ථානය වෙත සංක්‍රමණය වූ කලාකරුවන් සහ බුද්ධිමතුන් අමතමින් මාඕ මෙම දේශනය පැවැත්වීය. “කලාව කලාව උදෙසාම වේ” යනුවෙන් දෙයක් නොමැති බවත්, සියලු සංස්කෘතීන් යම් නිශ්චිත සමාජ පන්තියකට අයත් වන බවත් ඔහු තර්ක කළේය. සතුරා පරාජය කිරීම සඳහා “හමුදාමය හමුදාවට”



Test
අප්‍රේල් 12, 2026 දින 5:38 පෙ.ව. ට සංස්කරණය
අප්‍රේල් 12, 2026 දින 6:44 පෙ.ව. ට සංස්කරණය